නාවික හමුදාධිපතිතුමන් අතින් එම දරු දැරියන් හට පාසල් උපකරණ සහිත ත්‍යාග කට්ටල පිරිනමන ලදී. එළඹෙන නව වසරේදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමේ අභිප්‍රායෙන් යුතුව මෙම ත්‍යාග පිරිනැමීමට කටයුතු කොට ඇත.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා, අධ්යක්ෂ නාවික සුභසාධක කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු නිලධාරීන් නාවිකයන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ