නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණ තත්ත්වයක්...

    දෙසැම්බර් 29, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව අද (29) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    කෙසේ වෙතත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ අම්පාර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී.40 - 50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya