නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් විදේශ ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයක

    දෙසැම්බර් 28, 2017

    ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා  ලබන ජනවාරි 05 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජපානයේ විදේශ අමාත්‍යවරයකු මෙරට සංචාරය කරනුයේ වසර පහළොවකට පසුවය.

    සිය සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බැහැදැකීමට නියමිත අමාත්‍ය කොනෝ මහතා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya