බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.
දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින්විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තුවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.