ශ්‍රී ලංකා තේ අපනයනය කරන ප්‍රධාන රටක් ලෙස රුසියාව වෙත අවුරුදු 50 ක පටන් තේ අපනයනය කෙරේ.
රුසියාව ඇතුළු යුක්රේන්, අසර්බයියාන්, කසකස්තානය හා බෙකිස්තාන් යන රාජ්‍යයන්ට අපනයන තේ ප්‍රමාණයෙන් 12%ක් පමණ තේ අපනයනය කරයි. එහිදී කළු තේ අපනයන කරනු ලැබේ.
පසුගිය ජනවාරි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කිලෝ ග්රූම් මිලියන 29ක් පමණ තේ අපනයනය කර ඇති අතර එයින් බිලියන 21 පමණ ආදායමක් ලබාගෙන ඇති බවත් තේ කිලෝ ග්රූම් 1ක් සඳහා රුපියල් 735ක මිලක් අයකෙරෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවේය.