නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිගණක ඉංජිනේරුවකු වන්න - තරුණ ඔබට අත්වැලක්

    දෙසැම්බර් 25, 2017

    පරිගණක දෘඩාංග හා ජාලකරණ ඉංජිනේරුවකු වීමට අවශ්‍ය පාඨමාලා රැසක් ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අවස්ථාව ලැබේ.

    ඒ අනුව 2018 වසරේ පළමු කණ්ඩායම සඳහා සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා ජාතික තරුණ සේවා සභාව, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, පල්ලියදොර පාර, කව්ඩාන පාර, දෙහිවල ලිපියනට පැමිණ රු.2100ක් ගෙවා ලියාපදිංචි විය හැකි.  මෙම පාඨමාලා ජනවාරී මස 27 වැනි දින සිට ආරම්භ වේ.

    ඔබට රැකියාවක් ලබාගැනීමට, රැකියාවේ උසස්වීමක් ලබාගැනීමට වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍ය නම් ඒ සඳහා මෙම පාඨමාලා තුළින් අවස්ථාව උදා වේ.

    Diploma in Computer Hardware with Network (CHC), Configuring and Troubleshooting(CTC), Microsoft Certified Solutions Associate Windows Server 2016(MCSA),Diploma in Networking Administration with Security (DNA)සහ Certificate in Information Security and Ethical Hacking (ISE) යන පාඨමාලා සඳහා 2018 පළමු කණ්ඩායමේ සිසුන් බඳවාගැනීම දැන් සිදු කෙරේ.

     

    වැඩි විස්තර 0777 911113 අමතා ලබා ගන්න .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya