උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.
සෙසු පළාත් වල තැනින්තැන සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් වල ඇතැම් ස්ථාන වලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.