නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු බැහැරගත පුහුණු වැඩසටහන 50 වසරක් සපුරයි

    දෙසැම්බර් 25, 2017

    සිංගප්පූරු බැහැරගත පුහුණු වැඩසටහන (OBS) පසුගිය දා තම 50 වැනි සංවත්සරය සිංගප්පූරු අග‍්‍රමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් බැහැරගත පුහුණුව සඳහාම පුලව් උබින් (Pulau Ubin) විශ්වවිද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.

    මෙහි දී එහි සිසුන් හමුවූ අග‍්‍රමාත්‍යවරයා ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර බැහැරගත පුහුණුව ඔවුනගේ ජීවිතවලට බලපෑ ආකාරය පිළිබඳව ද කතාබහ කරන ලදී. ශ්‍රී ලංකාවේ බැහැරගත ක‍්‍රියාශීලී පුහුණු වැඩසටහන්වල මෙහෙයවීම ශ්‍රී ලංකා බැහැරගත පුහුණු භාරකාරය (Outward Bound Trust of Sri Lanka) මගින් ක‍්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ බැහැරගත පුහුණු වැඩසටහන් සදහා අවශ්‍ය තාක්‍ෂණික සහ විශේෂඥ සහාය ලබාගැනීමේ දී සිංගප්පූරු බැහැරගත පුහුණු වැඩසටහන මගින් විශාල සේවයක් මේවන විට ඉටුකර ඇත.

    මෙම සංවත්සර උළෙල ඇමතූ සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂෙන්ග් ලූන්ග් (Lee Hsien Loong) පැවැසුවේ සිංගප්පූරු බැහැරගත පුහුණු වැඩසටහන තුළින් ලබාගත් අත්දැකීම් තම ජීවිතයේ දිගුකාලීන බලපෑමක් වූ බවයි. ඔහු තවදුරටත් අවධාරණය කළේ මානසික හා කායිකව සමබර නොවූ යෞවන යෞවනියන් ක‍්‍රියාකාරී පුරවැසියන් බවට පත්කර ප‍්‍රජාවට සේවය කිරීමට දිරිගැන්වීමේ මෙම ක‍්‍රියාවලිය වෙන කවරදාටවත් වඩා වර්තමානයට අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya