මේ වන විට අංක තහඩු මුද්‍රණය සඳහා අනුමැති දී ඇති ආයතනයේ ටෙන්ඩර් කාලසීමාව ලබන වසරෙන් අවසන්වීමට නියමිතව ඇති අතර ඒ අනුව ලබන වසරේ දී අලුතින් ආයතනවලින් ටෙන්ඩර් කැඳවීමේ දී මෙම පහසුකම සහිතව අංක තහඩු මුද්‍රණය කිරීමට ටෙන්ඩර් ලබාදෙන බවත් කොමසාරිස්වරයා කීය.
ඒ අනුව එළැඹෙන වසරේ සිට වාහන අංක තහඩු සඳහා (RFID - Radio Frequency Identification)පහසුකම එක්කරනු ලබන අතර මෙම ක්‍රමවේදය මේ වන විට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.
මෙම ක්‍රමවේදය හරහා යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන තොරතුරු මේ වන විට එක්රැස්කරමින් පවතින බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.