නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන්ට සූර්ය කෝෂ සවිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳව පුහුණුවක්

    දෙසැම්බර් 23, 2017

    ඉදිරියේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පාසල් හැරගිය තරුණ තරුණියන්ට සූර්ය කෝෂ සවිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳව පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය සුජීවා ද සිල්වා මහත්මිය පවසයි.

    සූර්ය කෝෂ භාවිතයෙන් අඩු වියදම් සහිත බලශක්තිය නිපදවීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන පර්යේෂණ පිළිබඳව දැනුවත් කරමින් සුජීවා ද සිල්වා මහත්මිය මේ බව සඳහන් කළාය.

    පාසල් දරුවන්ට සරළ විද්‍යාත්මක ප්‍රායෝගික වැඩසටහන්,දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.කිසියම් පාසලකට,සිසු පිරිසකට අවශ්‍ය නම් දැනුවත් වීමක් ලබාගැනීමට,දැනුවත් කිරීමේ වැඩසටහන්
    සඳහා සහයෝගය ලබදීමට හැකියි. එවැනි අවස්ථා සඳහා අප සම්බන්ධ කරගන්න යැයි සඳහන් කළ ආචාර්ය සුජීවා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, මේ සඳහා මූල්‍ය සහයෝගය විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ
    අමාත්‍යාංශයෙන් ලබාදෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya