කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට පසුගිය දා එක්වෙමින් අනුරාධනී කස්තුරිරත්න මහත්මිය මේ බව සඳහන් කළාය.
සර්ප දෂ්ඨනයක දී ප්‍රතිකාර ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් තිබෙනවා. සර්ප දර්ෂ්ඨනයක දී විෂවීමේ ලක්ෂණ පහළ වෙනවා නම් රෝහලක් වෙත යොමු වීම වැදගත්.පර්යේෂණයේ ප්‍රතිඵල අනුව සියයට
70%ක් රෝගීන් ප්‍රතිකාර ලබාගෙන තිබෙන්නේ බටහිර ප්‍රතිකාරයි.
රෝහල් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනය වසරකරට 40,000ක් පමණ මරණ 200ක් පමණ. එහෙත් පර්යේෂණයේ දී එම අගයන් වෙනස් වෙනවා.පළාත් නවයක් ආවනය වන පරිදි ජනගහනයෙන් සියයට එකක
සම්පලයක් පර්යේෂණයට යොදා ගත්තා.
විශේෂයෙන් වියළි කලාපයේ සර්ප දෂ්ඨනය වැඩියි.එහෙත් තෙත් කලාපයේ සර්ප දෂ්ඨනය ඉහළයි. එහෙත් විෂවීම වැඩියෙන් වාර්තා වෙන්නේ වියළි කලාපයෙන්.
පර්යේෂණයට අනුව සර්ප දෂ්ඨනයට වැඩියෙන් ලක්වන්නේ තරුණ කණ්ඩායම, ගොවිතැන් කරන ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පිරිස්.ඒ නිසා මේ තත්ත්වය ආඅර්ථිකයට සෘජු ලෙස බලපානවා යැයි ද පැවසීය.