නව ගුවන් ගමන් බල පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇත.
මේ දිනවල නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ සාධ්‍යතා වාර්තා සකස් කරමින් පවතී. එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු එය කැබිනට් මණ්ඩලය අනුකමිටුවකට යොමු කෙරේ. අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු නව ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම ආරම්භ කරනු ඇතැයි ද රණසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.
මෙහි සාධ්‍යතා වාර්තාව සකස් කිරීමේ කටයුතු පසුගිය සදුදා (18) ආරම්භ කළ බව ද ඒ මහතා කීය.
මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී දිනකට මගීන් 15,000කගේ පමණ ආගමන විගමන කටයුතු සිදුකෙරෙන අතර ඒ සඳහා වැඩිපුර නිළධාරීන් යොදවා එම කටයුතු කඩිනමින් හා පහසුවෙන් ඉටුකිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය.
එමෙන්ම විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපොළේදීම වීසා නිකුත් කිරීමේ (online) වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර එය දෙපාර්තමේන්තුවට වැඩි ඵලදායිතාවයක් ලැබෙන අන්දමට යළි සකස් කිරීමට පියවර ගනිමින් තිබෙන බවද ණසිංහ මහතා තවදුරටත් පැවැසීය.