උතුරු, උතුරුමැද,නැගෙනහිර,දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. සෙසු පළාත්වල තැනින් තැන විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. නැගෙනහිර,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල(මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක.
උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට,මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.