නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසර 2 1/2 තුළ31,000කට ද්විත්ව පුරවැසිභාවය

    දෙසැම්බර් 21, 2017
    විදේශ රටවල පුරවැසිභාවය ලබාසිටින ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විශාල වශයෙන් ඉදිරිපත්වන බවත් 2015 මාර්තු මාසයේ සිට මේ දක්වා 31,000කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්. නිහාල් රණසිංහ මහතා පවසයි.
     
    මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා ළමයින් සඳහා එක් අයෙකුට රුපියල් 50,000බැගින් ගාස්තු ගෙවිය යුතු වේ.
     
    ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අයඳුම්පත් විශාල සංඛ්‍යාවක් තම දෙපාර්තමේන්තුවට ලැබෙමින් පවතින බවත් ඒවා පරීක්ෂණයට ලක්කොට සුදුස්සන්ට පුරවැසිභාවය ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කරගෙන යන බවත් රණසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya