නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනාන්තර ගිනි ගැනීම් පාලනයට ගිනි ආරක්ෂණ බිම් තීරු ස්ථාපිත කෙරේ

    දෙසැම්බර් 20, 2017

    වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම හා වළක්වා ලීමේ අරමුණින් ගිනි ආරක්ෂණ බිම් තීරු ඇතිකිරීම,ගිනි නිවීමේ හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීම සහ දිවයිනම ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනී.

    මේ පිළිබඳව යෝජනාව ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් යෝජනවා අමාත්‍ය මණ්ඩලය
    වෙත ඉදිරිපත් කර තිබුණි.

    දඬයක්කරුවන් විසින් සතුන් දඬයම් කිරීම සඳහා ද, ගොවීන් විසින් හේන් ගොවිතැන් කටයුතු සඳහා ද කැලෑ ගිනි තැබීම සිදු කරන අතර ඇතැම් පිරිස් හුදු විනෝදනය සඳහා ද නොසැළකිල්ල නිසාද වනාන්තරවලට ගිනි ඇවිලවීම
    සිදු කරයි.

    මේ හේතුව නිසා ශාක සහ සත්ත්ව ප්‍රජාවගේ වාසස්ථාන අහිමිවීම හා කාබන්ඩයෝක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම ආදී පරිසරයට හානිකර ප්‍රතිවිපාක රැසක් අත්වෙයි. වසර 2016 ගත්විට මෙරට වනාන්තර හෙක්ටයාර්
    2945ක් පමණ ගිනි ගැනීම්වලට ලක්ව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya