නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇස්බැස්ටෝස් නිෂ්පාදන,අමුද්‍රව්‍ය ආනයනය කිරීමට පනවා තිබූ සීමා අත්හිටුවීමට පියවර

    දෙසැම්බර් 20, 2017

    ඇස්බැස්ටෝස් නිෂ්පාදනය,භාවිතය සහ අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව 2018 වසරේ ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වීමට තිබූ සීමා කිරීම් ක්‍රියාවට නංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    ඇස්බැස්ටෝස් නිෂ්පාදනය,භාවිතය සහ අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට සීමා කරමින් රජය 2016 -9-06 දින රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය.

    ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඇස්බැස්ටෝස්වලින් සියයට 80%ක් පමණ වහළ සඳහා වන සෙවිළි තහඩු නිශ්පාදනය සඳහා යොදා ගනේ.

    2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සීමා කිරීම් නිසා නිවාස ඉදිකරන්නට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව අවධනය යොමුව තිබේ. එමෙන් ම කෙටි කාලයක් තුළ සුදුසු විකල්ප නිෂ්පාදන වෙලඳපොළ තුළ සාධාරණ මිලකට ලබාගැනීමට ඇති අවස්ථා ඇති කිරීමේ අපහසුතාවය ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී අඳහස් දැක්වූ අමත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ,විකල්ප නිෂ්පාදන වෙත යොමු වීමේ ගැටළුව මේ සඳහා බලපා තිබෙන බවයි. ඇස්බැස්ටෝස් තහනම කිරීමක් නොව පියවරෙන් පියවර සීමා කිරීමක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණු බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරය කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya