මෙයට මාස කිහිපයකට පෙරාතුව ලබාගත් පූර්ව අනුමැතිය මත රුවන් ප්‍රදිනන්දිස් මහතා දැනට විදේශ ගතව සිටින අතර ඔහු ලබන සතියේ නැවත දිවයිනට පැමිණි විගස සිය රාජකාරියට වාර්තා කරනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ දේශපාලන කටයුතු සඳහා සහයෝග ලබාදෙමින් විශ්වාසවන්තව කටයුතු කරන නිලධාරීන්ව විවිධ වෙබ් අඩවිවල නගන අභූත චෝදනා පදනම් කරමින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් හෝ පුරුද්දක් තමා තුළ නැතැයි මංගල සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.