මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක්

    දෙසැම්බර් 11, 2017

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ සවිබලගැන්වීම සඳහා පුළුල් වැඩසටහන් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

    බස්නාහිර පළාත් තොතරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන අද (11) අරලියහග මන්දිරයේදී පැවැති අතර එහිදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය. මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිවරුන් යන නිලධාරීන් 1,200ක් පමණ පිරිසක් එක්ව සිටියහ.

    ජාතික මට්ටමේ සිට පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ග්‍රාමීය මට්ටම දක්වා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව පෙන්වා දුන් ඒ මහතා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන්  සියලු රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ද සඳහන් කළේය.

    මෙම පනත ක්‍රියාත්මක වීම පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් බලගැන්වෙන යෝධ පියවරක් බව පෙන්වා දුන් සමරතුංග මහතා මෙම පනතේ ප්‍ර‍තිලාභ ජනතාවට ලබාදීමට රාජ්‍යතන්ත්‍ර‍ය ශක්තිමත් විය යුතු බව ද සඳහන් කළේය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) රමණී ගුණවර්ධන මහත්මිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, තොරතුරු කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ චමින්දි සපරමාදු මහත්මිය, ලෝක බැංකු නියෝජිත ෆේබියස් සෙයිඩර් මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya