අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වර්ජනයට හේතුව ඇමැතිවරයා පැහැදිලි කරයි

    දෙසැම්බර් 10, 2017

    කිසිසේත් වෘත්තීය සමිති විනාශ කිරීමේ අවශ්‍යතාවක් තමාට නොමැති බවත් සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන අතර ඉල්ලීම් ඉටු කර දීමට කටයුතු කරන බවත් ප්‍ර‍වාහන හා ගුවන් සිවිල් සිවිල් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    වෘත්තීය සමිති නායකයින්ට මෙම වර්ජනය අතහැර ප්‍රශ්න සාකච්ඡා මට්ටමින් විසදා ගැනීම සඳහා  සේවයට වාර්තා කරන ලෙස අමාත්‍යවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

    දුම්රිය සේවා සහයකයින් බදවා ගැනීම සහ වැටුප් විශමතාවක් මුල කර ගනිමින් දුම්රිය රියදුරු සංගමය සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය විසින් ආරම්භ කර ඇති වර්ජනය  පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දැක්වීම සඳහා පැවැත් වු   මෙම සාකච්ඡාවේදි ඊයේ (09) අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.  

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    ‘‘රජයේ නව බදවා ගැනිමේ  පරිපාටියට අනුව  දුම්රිය රියදුරු සහයකයින් බදවා ගැනීම සදහා  අධ්‍යාපන මට්ටම උසස් කොට තරග විභාගයකින් බදවා ගැනීමට  තීරණය කර තිබෙනවා... එයට හේතුව වී ඇත්තේ යම් හෙයකින් දුම්රිය රියදුරකුට සේවාවේ යෙදි සිටියදි  ඇති වන හදිසි අපහසුතාවයකදි  දුම්රිය ධාවනය කිරිමට හැකි වන පරිදි සහයකයින්ට දැනුම ලබා දීම සදහායි. ඒ පිළිබදව දුම්රිය රියදුරන් විසින් පසුගිය මාස ගනණාවක් තුලම පාලන අධිකාරියට තර්ජනය කරමින්  ජනතාව අපහසුතාවයට පත් වන අයුරින් වර්ජන ක්‍රියාත්මක කලා.. රියදුරන් විසින් සැම විටම පවසා සිටින්නේ දුම්රිය රියදුරු සහයකයින් සදහා උසස් අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නැති බවයි. එසේ කල හොත් රියදුරන්ට සහයකයින් අවනත කර ගැනීමට හැකි නොවන බවයි.මේ ඉතාමත් අසාධාරණ ඉල්ලීමක් බව ඕනෑම කෙනෙකුට තෙරෙනවා.
    ඒ සම්බන්ධව රියදුරු සහයකයින්ගේ සංගම විසින්  එම අසාධාරණය පිළිබදව ශේෂ්ඨාධිකරණයේ  නඩුවක් ගොනු කරමින් නීති පතිවරයා විසින් තරග විභාගයක් පැවැත්වීමට නියෝගයක් අප වෙත ලබා දී තිබෙනවා...ඒ අනුව කිසි සේත් උසාවිය විසින් ලබා දී ඇති නියෝගය ඇමතිවරයා ලෙසට මා හට උල්ලංඝණය කිරිමට හැකියාවක්  නැහැ... ඒ අනුව මෙම තරග විභාගය මේ මස තුලදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය රියදුරන් විසින් මෙම හේතුව මුල් කරගෙනයි වර්ජනය ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන්නේ ඒ නිසා මෙය ඉතාමත් අසාධාරණ වර්ජනයක් ලෙසයි පවසන්නේ.

    තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා.
    ‘‘ මෙම වර්ජනයට සහය දක්වමින් මේ වන විට දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය විසින් වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාවලියක් ආරම්භකර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්,  මෙම වර්ජනයට සහභාගී වී සිටිනවා. මොවුන්ගේ මෙම වැටුප් විෂමතා ප්‍රශ්නය විසදීම සදහා  අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්  මා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා..මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් මේ පිලිබදව නිර්දේශ ලබා ගැනිමට අමාත්‍ය මණ්ඩල උපදේශක කාරක සභාවට යොමු කර තිබෙනවා. වැටුප් විෂමතාවයක් පිළිබදව තීරණ ගැනීමේදි  අමාත්‍ය මණ්ඩලය විසින් උපදේශක  කාරක සභාවට යොමු කිරිම අතවශ්‍ය දෙයක්. මෙම අනුමැතිය ලබා ගැනීමට යම් දින කිහිපයක් ගත වෙනවා. මෙම හේතුව මුල කර ගෙනයි. වෘත්තීය සමිති සංධානය වර්ජනයට එකතු වී මේ රටේ සමස්ත මහජනතාවම  අපහසුතාවට පත් කිරිමට කටයුතු කරන්නේ .
    අත්‍යවරයා ලෙසට  ඔවුන්ගේ මෙම වර්ජන ක්‍රියාවලිය  හෙලා දකිනවා. මට කිසිසේත් වෘත්තීය සමිති විනාශ කිරිමට අවශ්‍ය නැහැ. සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා.. ඉල්ලීම් ඉටු කර දීමට කටයුතු කරනවා..ඒ නිසා මම තවදුරටත්  වෘත්තීය සමිති නායකයින්ට මෙම වර්ජනය අතහැර ප්‍රශ්න සාකච්ඡා මට්ටමින් විසදා ගැනීම සදහා  සේවයට වාර්තා කරන ලෙසට ඉල්ලා සිටිනවා.. එසේ  වාර්තා නොකලහොත්  ඔවුන් සේවය අතහැර ගියා සලකා කටයුතු කිරිමට සිදු වෙනවා..‘‘ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    මෙම ප්‍රවෘත්ති සාකඡාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ , දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහනාම අබේවික්‍රම යන මහත්වරුන් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya