අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂි සැත්කම් රෝගී සංඛ්‍යාව අවම කිරීමට නව වැඩපිළිවෙළක්

    දෙසැම්බර් 10, 2017

    අක්ෂි ආබාධ සහිත වයෝවෘධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) අක්ෂි රෝහලේ දී ආරම්භ විය.

    මෙහිදී බුලත්සිංහල ආසනයේ වයෝවෘද පුද්ගලයින් සැත්කම්වලට භාජනය වූ අතර කඩුවෙල මහමෙවුනා අසපුවේ මහා සංඝරත්නය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

    වාර්තමානයේ අක්ෂි සැත්කම් නොමිලේ සිදු කරනු ලබන අතර ඒ සඳහා හොඳම අක්ෂි කාච රෝහල්වලට ලබාදී තිබෙන බවත් මෙම වසරේ දී අක්ෂි කාච ලක්ෂයක් ආනයනය කර රෝහල්වලට ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     2018 වසර සඳහා අක්ෂි කාච ඉල්ලුම 150,000 ක් පමණ වන බවත් රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන අතර එම සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් රජයේ රෝහල්වල පස්වරු 4.00 න් පසුව ද අක්ෂි සැත්කම් සිදු කිරීමට සැළසුම් සකස් කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     විශ්‍රාමික අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ද සහභාගි කරවා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී ද අක්ෂි සැත්කම් සිදු කරන බව පෙන්වා දුන් ඒ මහතා  පෞද්ගලික රෝහල්වල ද අක්ෂි සැත්කම් සිදු කරන විට රෝගීන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි බව ද ප්‍ර‍කාශ කළේය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ ජංගම අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මක බවයි.


    ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya