අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිතය, විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන්වලට ප්‍රමුඛස්ථානයක්

    දෙසැම්බර් 10, 2017

    පාසල් අධ්‍යාපනය තුළ ගණිතය, විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබාදීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     2017 සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරඟාවලිය සහ ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියෙහි පදක්කම් හා සහතිකපත් ප්‍රදානෝත්සවයට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ මෙම විෂය පථයන්ට අදාළ රැකියා සඳහා වර්තමානය වන විට ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉහළ ඉල්ලුමක් පවතින බවයි. එම විෂයන් සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වෙන් වී ඇති ඉඩකඩ අවම බවත් මෙරට අධ්‍යාපන ක්‍රමය ඉදිරියට යන්නේ එම විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     
    ගණිත විෂයමාලාව, පිළිගත් අන්තර් ජාතික මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම, ගණිත අධ්‍යාපනයේ සංවර්ධනය සඳහා අන්තර්ජාතික සහයෝගීතා ජාලයක් ගොඩනැගීම සහ  ගණිත විෂය දැනුම සම්බන්ධව ගුරු සිසු දෙපිරිසගේම දක්ෂතා වර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව විසින් මෙම සමස්ත ලංකා ගණිත දැනුම මිනුම සහ ජාතික ඔලිම්පියාඩ් යන තරගාවලි සංවිධාන කරනු ලබයි.

    එම තරඟවල දී දක්ෂතා දැක්වූ දිවයිනේ පාසල් රැසක සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙම උත්සවයේ දි සහතිකපත් සහ පදක්කම් ප්‍රදානය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya