මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සෙසු සියලු ආගම් ද සුරැකීමට වත්මන් රජය බැඳී සිටිනවා - ඇමැති අකිල විරාජ්

    දෙසැම්බර් 07, 2017

    බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දී පෝෂණය කිරීම සඳහා මෙන්ම, රටේ සෙසු සියලු ආගම් ද සුරැකීමට වත්මන් රජය බැඳී සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    බත්තරමුල්ල ´අපේගම` පරිශ්‍රයේ දී පසුගියදා පැවති සසුනෝදය ජාතික වැඩසටහන යටතේ හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    කිසිදු භේදයකින් තොරව ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කර සංරක්ෂණය කිරීම සඳහා කැපවීමත්, සියළු ජාතීන් සහ ආගම් අතර සංහිදියාව වර්ධනය කිරීමත් වත්මන් යහපාලන රජයේ අරමුණු වන බව අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා. මෙම වැඩසටහන සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල දැක් වූ දායකත්වය අගය කළ අධ්‍යාපන අමාත්‍යවරයා එම ආයතනය වර්තමාන රජයේ ක්‍රියාකාරීත්වය මත වඩාත් ඉහළ ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ද වැඩිදුරටත් පැවසුවා.

     

    මෙම අවස්ථාවට එක්වූ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේ, දුර දක්නා,තරුණ, ක්‍රියාශීලී නායකයෙකු වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත එම අමාත්‍යාංශය හා මධ්‍යම සංස්කෘතික අරමුදල භාර දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට විශේෂයෙන් ස්තූති කළ යුතු බවයි.

    දිවයින පුරා කඩිනමින් සංරක්ෂණය කර සංවර්ධනය කල යුතු බවට හඳුනාගනු ලැබූ හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 21 ක මුදල් ප්‍රතිපාදන මෙම උත්සවයේ දී පිරිනැමුණා. දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි මෙම ආගමික ස්ථාන තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya