අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන 11 දා

    දෙසැම්බර් 07, 2017

    බස්නාහිර පළාතේ සියලුම තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන ලබන 11 වැනි දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහභාගිවීමට නියමිතය.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ 2016 අගොස්තු මස 04 වැනි දින සිට බලාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙහි 3 වැනි වගන්තිය ප්‍ර‍කාරව සෑම අධිකාරීන් විසින්ම තොරතුරු නිලධාරින් පත්කළ යුතුය.

    ඒ අනුව මේ වන විට දියිනපුරා පොදු අධිකාරීන් 3000කට ආසන්න තොරතුරු නිලධාරීන් සංඛ්‍යාවක් පත්කර තිබේ. එසේම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශය සහ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එක්ව තොරතුරු නිලධාරීන් සඳහා මූලික දැනුම්වත් කිරීම් සිදු කර ඇති අතර පුහුණුකරුවන් වශයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 150කට ආසන්න ප්‍ර‍මාණයක් පුහුණු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya