අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියවන දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර

    දෙසැම්බර් 07, 2017

    කියවීමෙහි නිපුණ දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කියවීමේ රුචිය තව තවත් වර්ධනය කරමින් ඔවුන් වෙත ජාත්‍යන්තර වශයෙන් ද තව තවත් දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස යෝජනා කර ඇති බවයි. ඊයේ (06) අරලියගහ මන්දිරයේ දී පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ සහ පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල නාමාවලිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් සිසුන්ගේ කියවීම වෙනුවෙන් මෙවන් මුදලක් වෙන් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

    එමෙන්ම ලබන වසරේ දී පාසල් පුස්තකාල සඳහා පොත් ලබාදීම වෙනුවෙන් තවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සුදානම් බවත් වැදගත් වන්නේ ගොඩනැගිලි සෑදීම නොව, දරුවන්ගේ මනස සෑදීම බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සිය අමාත්‍යාංශය තුළ මෙවන් වෙනස්කම් රැසක් ඇති කිරීමට අවකාශය ලැබුණේ වත්මන් ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් වැඩකිරීමට අවශ්‍ය  යහපත් පරිසරයක් රජය තුළ නිර්මාණය කිරීම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya