අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන් සඳහා නිර්මාණාත්මක චින්තනය පිළිබඳ වැඩමුළුවක්

    දෙසැම්බර් 06, 2017

    නිර්මාණාත්මක චින්තය තුළින් ග්‍රාමීය තරුණ තරුණියන්ගේ නවෝත්පාදන සංකල්ප හා ජීවන කුසලතා වර්ධනය කෙරෙ නිර්මාණාත්මක චින්තනය පිළිබඳ තෙදින වැඩමුළුවක් පසුගියදා සීනිගම ගුණ ජය සතුට පදනමේහි පැවැත්විනි.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, සයිරප් (Cyrup) පුද්ගලික සමාගම සහ ගුණ ජය සතුට පදනම විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව තුළ දී තම තමන්ගේ අත්දැකීම් යොදාගනිමින් සහ නිර්මාණශීලි නව අදහස් තුළින් ගැටළු විසදීමට ඔවුන්ට මග පෙන්වන ලදී. එහි දී ගැටළු විසදීම, නිර්මාණාත්මක සංකල්ප සහ මූලාදර්ශ තාක්‍ෂණික ක‍්‍රම ආදී නවීනතම සැළැසුම් ක‍්‍රම ආදිය පිළිබදව සිසුනට හඳුන්වාදෙන ලදී.

     

    එමෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රයන්හි සාර්ථකත්වයට පත් පුද්ගලයන් වැඩමුළුවට ආරධනා කරමින් ඔවුන්ගේ ජීවන අත්දැකීම් සිසුන් සමඟ බෙදා ගනිමින් සිසුන් දිරිමත් කරවීමද මෙහි දී සිදු කෙරුණි.

     

    වැඩමුළුව තුළ දී සහභාගි වූවන් විසින් ගැටළු හඳුනා ගැනීම, විසදුම් සෙවීම, සාධක සහිතව සංකල්පය වර්ධනය කිරීම, මූලාදර්ශ සැකසීම සහ අවසානයේ ආරාධිත සම්භාවනීය අමුත්තන් හමුවේ මිනිත්තු 03ක ඉදිරිපත් කිරීමක් සිදු කළ යුතු වේ.

     

    මෙහි දී සහභාගි වූවන් විසින් නිර්මාණය කෙරුණු නවෝත්පාදක අදහස් අතර සාමාන්‍ය වතුර බෝතලයක් ශරීරයට අවශ්‍ය දෛනික ජල අවශ්‍යතාව පිළිබඳව සටහන් කරන සහ මතක් කරවන ස්මාර්ට් වතුර බෝතලයක් බවට පත්කළ හැකි උපකරණයක්, වෙබ් අඩවි නිර්මාණකරණයේ යෙදෙන්නන්හට ඇතිවන සිංහල භාෂාමය ගැටළු නිරාකරණය කිරිම සඳහා වෙබ් අඩවියක් වැනි නව නිර්මාණ සංකල්ප රාශියක් විය.

     

    මෙයට සහභාගී වූ කණ්ඩායම් කිහිපයක්ම වැඩමුළුවේ දී ඉදිරිපත් කළ නව නිර්මාණ අදහස් නිෂ්පාදනයක් ලෙස සමාජගත කිරිමට තීරණය කර තිබු අතර එයට අවශ්‍ය මූලික කටයුතු ද අරඹා තිබුණි.

     

    වැඩමුළුව හරහා නිර්මාණාත්මක චින්තනය තුළින් ග‍්‍රාමීය තරුණ තරුණියන්ගේ නවෝත්පාදන සංකල්ප සහ ජීවන කුසලතා වර්ධනය කිරීම සාර්ථකව සිදුකර ඇති බව එයට සහභාගී වූ ආරාධිතයන් විසින් එය ඉතා අගය කළ අතර මෙය පුළුල් පිරිසක් කරා ව්‍යාප්ත කරවීමේ වැදගත්කම ද එහි දී අවධාරණය කෙරුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya