නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් සංඛ්‍යාව 111,912 ක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    දෙසැම්බර් 03, 2017

    දිවයිනේ දිස්ත්‍රික්ක 17කට බලපා ඇති මහා වැසි හා සැඩ සුළං හේතුවෙන් පසුගිය 29 දා සිට ඊයේ (3) දහවල් 12 අතර කාලය තුළ පවුල් 32,149කට අයත් පුද්ගලයින් 111,912 දෙනකු පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 14 දෙනකු මියගොස් 84 දෙනකු තුවාල ලබා ඇත. අතුරුදහන් වී ඇති සංඛ්‍යාව 14කි.

    කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර හා යාපනයේ දිස්ත්‍රික්කයන්හි පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 142කට අයත් ජනතාව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

     

    මේ අතර දැඩි වර්ෂාව හා ගංවතුර නිසා අවතැන් වූ පවුල් 1426 කට අයත් පුද්ගලයන් 5664ක් ආරක්ෂිත ස්ථාන 64 ක රඳවා ඇත.

     

    මහ වැසි හා දැඩි සුළං හේතුවෙන් නිවාස 715ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 28, 997 කට අර්ධ වශයෙන් හානි සිදු වී තිබේ. ඒ හැර ව්‍යාපාරික ස්ථාන 364කට ද හානි සිදු වී ඇති බව ද කොඩිප්පිලි මහතා කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya