නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිරි පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට

    දෙසැම්බර් 03, 2017

    දිවයිනේ පළාත් පාලන ආයතන 341න් මැතිවරණය ප්‍රකාශයට පත්කොට නැති ඉතිරි පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට (4) නිකුත් කරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඇම්.ඇම්.මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද(3) පැවැසීය.

    මෙම පළාත් පාලන ආයතන 248 සඳහා ඇප මුදල් භාරගැනීම හෙට(4) සිට 20 වෙනිදා දක්වා සිදුකෙරෙන අතර නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් 18 වෙනිදා සිට 21 වෙනදා දහවල් 12 දක්වා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සිදුකෙරෙනු ඇතැයි ද නියෝජ්‍ය කොමසාරිස්වරයා කීය.

     

    මේ අතර මීට පෙර නාමයෝජනා කැඳවා තිබෙන පළාත් පාලන ආයතන 93 සඳහා නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 11 වෙනිදා සිට 14 වෙනිදා දහවල් 12 දක්වා සිදු කෙරේ.

     

    පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේ දී පැවැත්වෙනු ඇති අතර එම දිනය මැතිවරණ කොමිෂන් සභාව මඟින් යථාකාලයේ දී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බව ද මොහොමඩ් මහතා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya