උතුරු පළාතට තද වැසි මී.මි 100 ට වැඩි සහ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 50-75 සාමාන්‍යයෙන් තද වැසි ඇති වේ යැයි අපේක්ෂා කරන බවත් දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල සහ කළුතර, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට පැ.කී.මී. 50 ක් පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කිර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.