නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 වැඩි තද වැසි

    දෙසැම්බර් 01, 2017
    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුර, නැගෙනහිර, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. 50 ක්පමණ තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.
     
    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
     
    දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින (OCKHI) සුළි කුණාටුව කොළඹ සිට කිලෝ මීටර් 650 පමණ දුරින් පවති. එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේයැයි අපේක්ෂා කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya