නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදාවට මුහුණදීමට සෞඛ්‍ය අංශ සීරුවෙන්

    නොවැම්බර් 30, 2017
    දිවයින පුරා පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට හෝ විවිධ ආපදාවන්ට ලක්ව රෝහල් ගතවන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (30) උපදෙස් ලබා දී ඇත.
     
    බස්නාහිර සහ දකුණ යන පළාත්වල ඇතැම් රෝහල්වලට ගස් කඩා වැටීමෙන් සුළු හානි සිදුව ඇත. කළුතර මහ රෝහලේ  ගස් කඩා වැටීම හේතුවෙන් සුළු හානි සිදුව ඇති අතර, එම හානියට පත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන ඇත.
     
    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීම් සිදුව ඇති අතර, ඇතැම් රෝහල්වල ජෙනරේටර් මගින් විදුලිය සපයා ගනිමින් රෝගී සත්කාර සේවා සිදු කරනු ලබයි. විදුලි බලය නොමැති රෝහල්වල එන්නත් ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත‍.
     
    හදිසි ආපදා තත්ත්වය පවතින පළාත්වල සියලු ම රෝහල්වලට අවශ්‍ය තරම් ඖෂධ, කාර්ය මණ්ඩලය ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya