දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වූ අතර ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතාගේ දළ යුගල පසුගියදා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබු බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා එම ඇතාගේ සිරුර ද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමු වී ඇති අතර ම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබූ බවත් කතරගම ප්‍රදේශයේ දී ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයාගැනීමට පොලීසියට හැකිවු බවත් පෙන්වාදෙයි.
එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කොට ඇත.