එබැවින් මේ පිළිබඳ අවධානයෙන් පසුවනලෙස එම දෙපාර්තමේන්තුව මෙම ගංගා අවට පදිංචිව සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර නිල්වලා ගඟ හා ගිං ගගෙ හි ස්ථාන කිහිපයක් පිටාර මට්ටමට ළගාවෙමින් පවතින අතර නිල්වලා ගගේ පිටබැද්දර, පානදුගම හා සපුගොඩ ජල මිනුම් ස්ථාන ද තවලම ජල මිනුම් ස්ථානය ද ජලයෙන් යටවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ පී. හෙට්ටිආරච්චි මහතා පවසයි.
කෙසේ වුව ද පවතින වර්ෂාපතනය හා ගංගාවල පවතින ජල මට්ටම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරතුරුවම අවධානයෙන් සිටින බවත් ගංවතුර අවදානමක් ඇති වුවහොත් කල්වේලා ඇතිව දැනුම් දෙන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.