නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩන අවපාතය කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින්- තද වැසි

    නොවැම්බර් 30, 2017

    දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

    මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ.දිවයිනවටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහඌව පළාත්වල ඇතමස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya