නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩන අවපාතයක්- සුළඟේ වේගය ඉහළ යයි..

    නොවැම්බර් 29, 2017

    දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණුදිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60 පමණ) තවදුරටත් බලාපොරොත්තු වේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතම ස්ථාන වලට (මි.මි. 150 වැඩි) ඉතා තද වැසි ඇති වේ.

    අනෙකුත් ප්‍රදේශවල ඇතම ස්ථාන වලට (මි.මි. 100 වැඩි) තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකමෙම කාලගුණික තත්ත්වය ඉදිරි පැය 12ක කාලය පුරා පවැතෙනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya