අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (28) පස්වරුවේ පැවැති සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 900 කට සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1146 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමිනි.
ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවිවල සහ සිගරට් මිල වැඩි කිරිම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වී ඇති බවට ද අසත්‍ය ප්‍රකාශ පළ කරන බවත් එවැනි සංඛ්‍යා ලේඛණ මෙතෙක් සොයාගෙන නැති බවත් ඒ පිළිබඳ සොයා බැලු බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම දුම්කොළ සමාගම ඒ සඳහා විශාල මුදලක් වැය කරන බවත් එක ලිපියකට රුපියල් 150000 ක මුදලක් ගෙවා තිබෙන බවත් නමුත් මුදල් අමාත්‍යාංශය එම සංඛ්‍යා ලේඛණ අසත්‍ය බව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බෝනොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ වගාව වසර 2020 වනවිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවත් දුම්වැටි බදු 90% කින් වැඩි කිරීම සහ සිගරට් පැකට් තුල රූපමය අවවාද 80% ක් ඇතුලත් කිරීම රජය ගත් වැදගත් ක්‍රියාමාර්ග වන බවත් ඒ මහතා පවසුවේය.
මෙහිදී ගල්ගමුව මුලික රෝහලේ අධ්‍යක්ෂ ආසිරි මුණසිංහ මහතා විසින් රචිත "දෙමළ බස ඉගැන්වීම" යන කෘතිය ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනැමිම සිදු විය.
මෙම උත්සවයට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු මෙන්ම විශේෂඥ වෛද්‍ය නිලධාරී සංගමයේ උපලේකම් ලලන්ත රණසිංහ, රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ඇතුලු මහත්වරු විශාල පිරිසක් එක්ව සිටියහ.