නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි

    නොවැම්බර් 26, 2017

    දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද දිනයේත් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

    දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බැවින් සමහර ස්ථානවලට විශේෂයෙන් උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    උතුරු සහ නැගෙනහිර පළාත්වල පමණ විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මි.50ක) බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

     

    ගිගිරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya