ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ( 20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එමෙන් ම යම් ස්ථානයක හෝ දෙකක ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීම් දක්නට ලැබුණු පමණින් මාධ්‍ය හරහා වාර්තා නොකරන ලෙසත් එවැනි මහජනතාවට සමීප කරුණු සම්බන්ධයෙන් වගිකීමෙන් යුතු ව මාධ්‍ය වාර්තා කරණයේ යෙදෙන ලෙසත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
මේ වන විට ඉදිරි සති දෙකක තුනක පමණ කාලයක් සඳහා අවශ්‍ය ඩීසල්, පෙට්ට්‍රල් හා භූමිතෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඉදිරියේ දී තෙල් ගබඩාවන් අලුතින් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් පෙන්වාදුන්නේය.
එමෙන් ම මේ වන විට යම් තෙල් නැවක් පිටත්වීමේ දී තෙල් සාම්පලයන් කූරියර් මාර්ගයෙන් ලංකාවට ගෙන්වාගනිමින් තෙල් නැව ලංකාවට පැමිණීමට පෙර ම සාම්පල් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් වර්තමානයේ දී පවතින තෙල් ව්‍යාපාරික මාෆියාව වෙනස්කරමින් ආයතනයට මෙන් ම මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවත් කීය.