නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන හිඟයක් නෑ - වැඩිමිලට මිලදී ගැනීමෙන් වළකින්න - අමාත්‍යංශ ලේකම්

    නොවැම්බර් 20, 2017
    රට තුළ කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් නොමැති බැවින් බාහිර පුද්ගලයින්ගෙන් අනවශ්‍ය ලෙස වැඩි මිලට ඉන්ධන මිලදී නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    එමෙන්ම කිසියම් ගැටළුවක් ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකය 0115 455 130ට අමතන මෙන් දැනුම්දෙන ලේකම්වරයා ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩාවලට පැමිණෙන සියලු ම බවුසර්වලට කිසිඳු ප්‍රමාදයකින් තොරව ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවද දැනුම්දෙයි.
     
    කිසියම් පිරිසක් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරය කරමින් සිටින බවත් මේ තත්ත්වය තුළ පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත යමින් ඉන්ධන තොග රැස් කරන බවට ද වාර්තා ව ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya