අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ජනජීවිතය යථා තත්ත්වයට - අමාත්‍ය සාගල

    නොවැම්බර් 18, 2017
    සුළු සිදුවීමක් පදනම් කොට ගෙන ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලහකාරි තත්ත්වය පාලනය කොට යළි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගන්නා බවටත්, ගම පෙර පැවති තත්ත්වයට පත්ව භේදබින්නතා ඉවත් වන තෙක් ආරක්ෂාව පවත්වාගෙන යන බවට නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(18) ප.ව 8.00 ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.   
     
    මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක්ව සිටියහ.
     
    කටකතාවලට, සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල පලවන පුවත්වලට නොරැවටෙන ලෙස මෙහිදී ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මහජනතාවට දන්වා සිටියේය. 
     
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා, පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ පිරිස් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya