අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණයට බලපෑමක් වන කිසිදු දෙයක් සිදු කර නෑ - පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

    නොවැම්බර් 17, 2017

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා මුහුණ දීමට සූදානම් බවත් ඊට සහාය ලබාදෙන බවත් පරීක්ෂණවලට හානීවන කිසිවක් තමා විසින් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

    මන්ත්‍රීවරයා අද (17) පාර්ලිමේන්තුවේ  දී මෙසේ පවසා සිටියේ, අර්ජුන ඇලෝසියස් නැමැත්තා සම්බන්ධයෙන්  වූ දුරකතන  කතාබහ පිළිබඳව මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

    කෝප් කමිටුව විදියට අප බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවට අත්සන් කළා. නීතියේ වගකීමට කිසිදු හානීයක් ඇතිවන ලෙස කටයුතු කර නෑ. ඒ සඳහා වන ඕනෑම පරීක්ෂණයකට සූදානම්.  මෙම පරීක්ෂණයට බලපෑමක් වන කිසිදු දෙයක් සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya