අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 නීල හරිත අයවැයේ විදෙස් ආයෝජන අවස්ථා ඵල දරයි

    නොවැම්බර් 17, 2017

    චීන ආයෝජකයනුත් එති

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සදහා හදුන්වා දී ඇති “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල හා බද්ධ වෙමින් ධීවර කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ධීවර ව්‍යවසායකයින් බිහිකිරීම සදහා අවශ්‍ය සියළු ආයෝජනයන් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (16) දින හමු වූ චීන ආයෝජකයින් කැමැත්ත පළ කළහ.

     

    මෙම චීන ආයෝජකයින් අවධාරණය කලේ වත්මන් රජය 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් ධීවර ක්ෂේත්‍රයේ විදෙස් ආයෝජන දිරිමත් කිරීමට ගෙන ඇති පියවර ඉතා ප්‍රසංසනීය බවය.

     

    අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම චීන ආයෝජක කණ්ඩායම දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා වෙත යොමු කර තිබුණි . ඒ අනුව එම චීන ආයෝජකයින් දහවල් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

     

    එහිදී මෙම චීන ආයෝජකයින් පැවසු පරිදි ටින් මාළු කර්මාන්තය, ජලජිවි වගාව, මුහුදු ජලජිවි වගාව මෙන්ම ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා ආයෝජනය කිරීමට සුදානම් බවය.

     

    ලොව දෙවැනි විශාලතම ටින් මාළු කර්මාන්තයට හිමිකම් කියන මෙම චීන ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ධීවර ජනතාවගේ ආර්ථිකය සවිබල ගන්වමින් අදාළ ආයෝජනයන් සඳහා ඉදිරිපත් වීම වඩාත් ඵලදායි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක අයේෂ් රණවක මහතාද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya