නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    7 වන සාර්ක් සිනමා උළෙල - 2017 ලබන 21 දා ඇරඹේ

    නොවැම්බර් 16, 2017

    7 වන සාර්ක් සිනමා උළෙල - 2017 ලබන 21 සිට 25 දා දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේ දී  පැවැත්වීමට නියමිතය.

    මේ සඳහා සාර්ක් කලාපයේ රටවල් 8ක්  නියෝජනය කරමින්  විශේෂාංග සහ කෙටි චිත්‍රපට ඉදිරිපත් කෙරේ.

     

    සිනමා උළෙල අවසාන දින (25)  සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව, ඉරානය, පෘතුගාලය යන රටවල් නියෝජනය කරන විනිශ්චය මණ්ඩලයකින් තේරීම් කමිටුව සමන්විතය. 

     

    මෙහිදී හොඳම විශේෂාංග චිත්‍රපටය, හොඳම කෙටි චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරා ශිල්පීයා, හොඳම සංස්කාරක, හොඳම තිර රචනය, හොඳම සිනමා උළෙල සහ විශේෂ ජූරි සම්මාන දෙකක් සඳහා සම්මාන පිරිනැමේ.

     

    මීට සමගාමීව  සිනමා ක්ෂේත්‍රයේ  ජාත්‍යන්තර ප්‍රවීණයන් විසින් පවත්වන වැඩමුළුවක්  ලබන 24 රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
     
    මේ අවස්ථාවට ඇතුලත් විමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
     
     
    සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සිනමා උළෙල සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya