වැඩබලන විභාග කොමසාරිස් ධුරයට පත් සනත් පූජිත මහතා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන කිහිපයක වසර 30 කට ආසන්න කාලයක් විවිධ තනතුරු හොබවා තිබේ. ඒ අතරින් විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස්, නියෝජ්‍ය විභාග කොමසාරිස් සහ විභාග කොමසාරිස් (නියාමන සහ පාලන) යන තනතුරු හොබවා තිබෙන ඒ මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග අධ්‍යක්ෂකවරයා ලෙස සහ පර්යේෂණ හා සැලසුම් පීඨයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කර තිබේ.