1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 ස්වේච්ඡා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබළුන් 50 දෙනෙකු කිලිනොච්චිය පොලිසිය, වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් සමඟ එක්ව මෙම ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා ක්‍රියාකාරිව දායක විය.
මෙම ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශයේ නිවාස, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ වෙනත් ස්ථාන පරික්ෂා කළ අතර, එහිදි ඩෙංගු වසංගතය සහ මර්ධනය කල යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදි.