නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ විසඳීමට මහාධිකරණ තුනක් - අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 15, 2017
    ළමුන්ගේ ආරක්ෂාව දරුවන් සඳහා ලබා දිය යුතු ප්‍රමුඛතා නීති, පවතින නඩු  කටයුතු සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ පද්ධතිය තුළ ගොඩ ගැසී ඇති නඩු ප්‍රමාදය අවම කිරීමට මුල්‍ය අපරාධ දුෂණ හා සංවිධානාත්මක අපරාධ විසඳීමට මහාධිකරණ තුනක් පිහිටුවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
     
    අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ළමුන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සකස් කළ A Legal and Institutional Assessment of Srilanka s Justice System for Children වාර්තාව අධිකරණ අමාත්‍යතුමියට පිළිගැන්වීම සඳහා කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමිනි. යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත Tim Sutton මහතා විසින් එම වාර්තාව අධිකරණ අමාත්‍යවරිය වෙත පිළි ගැන්වීම සිදු කළේය.
     
    යුනිසෙෆ් සංවිධානය මගින් අපේ රටේ දරුවන්ගේ අධිකරමණය කටයුතු පිළිබඳ ව සොයා බලා විශේෂ වාර්තාවක් නිකුත් කළා .ඒ වාර්තාවට අනුව  අපේ රටේ ළමුන්ට සිදු වන විවිධ අපරාධ සම්බන්ධයෙන් දරුවන්ට ලබා දිය යුතු ප්‍රමුඛතා පිළිබඳ ව සඳහන් වෙනවා.ඒ අනුව ඒවා ක්‍රියාත්මක කිරීමට රටේ නීති බවට පත් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් කඩිනමින් පත් කර අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා .මේ වාර්තාව සකස් කළේ අපේ අමාත්‍යාංශයේ අනුමැතිය අනුවයි .මෙම වාර්තාවේ සඳහන් කර ඇති සුදුසු නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් අපේ රටේ දරුවන්ගේ අනාගතය සාර්ථක කළ හැකි යැයි ද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
     
    එම මෙහෙයුම් කමිටුවට අධිකරණ අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ළමා ආරක්ෂණ අධිකාරිය, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහයෝගයෙන් පත් කිරීමට ක්‍රියා කරන බවත් ඒ සඳහා යුනිසෙෆ් සංවිධානය වැනි ආයතනවල සහාය අවශ්‍ය යැයි ද කීය.
     
    විශේෂයෙන් මෙම වාර්තාව සකස් කිරීම පිළිබඳව යුනිසෙෆ් සංවිධානයට හා ඒ හා සම්බන්ධව කටයුතු කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බවත් ළමුන් පිළිබඳ ව පවතින නඩු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් ගෙන තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරිය ළමා අපචාර හා දුෂණ සම්බන්ධව නීතීපති දෙපාර්තමේන්තුව තුළ පවතින නඩු කටයුතු සඳහාත් මේ වන විට කඩිනම් විසඳුම් ලබා දී තිබෙන අතර ම ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ සහයෝගය අවශ්‍ය පහසුකම් එම දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙන බවත් පෙන්වා දුන්නාය.
     
    ළමා හිංසනය අපචාර අවම කිරිම සඳහා යුනිසෙෆ් සංවිධානය අධිකරණ අමාත්‍යාංශය සමග එක්ව වැඩ සටහන් රාශියක් දියත් කර තිබෙන බවත් එම වැඩසටහන් ළමා අපචාර හිංසන අඩු කිරීමට විශාල පිටිවහලක්ව තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරිය ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ ව දෙමාපියන් ළමා ආරක්ෂණ අධිකාරිය ඒ සඳහා පත් කර ඇති නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද අවධාරණය කළාය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya