නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරවෙයි

    නොවැම්බර් 12, 2017

    දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනාය් කරයි.

    උතුර, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැක. උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට (මි.මී100ක පමණ) තරමක් තද වැසිද ඇති විය හැක. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya