නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුක්තිය පසිඳලීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙනවා

    නොවැම්බර් 12, 2017

    සාධනීය ආකාරයේ වෙනසක් අධිකරණ පද්ධතියේ සිදු කිරීමට කටයුතු කරනවා. යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා යැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.


    අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුරදිස්ත්‍රික්කයේ හදිසි මරණ පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


    එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
    විනිසුරුවරුන් ,නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අල්ලස්කොමිසම කරනු ලබන විශිෂ්ඨ සේවාව පිළිබදව බොහෝ අයට නිසි අවබෝධයක් නැහැ.වසර 10 ක පමණ කාලය තුළ මේ ආයතනවල කටයුතු කරනු ලබන විනිසුරුවරුන්ට නිලධාරීන්ට යහපතක් වෙලා නැහැ.ඔබට අපිට තම තමන්ගේ රැකියාවට අමතරව තවත් විවිධ ව්‍යාපාරවල යෙදිලා කටයුතු කරන්න පුළුවන්.වෛද්‍යවරුන්ට උදේ රෝහලේ වැඩ කරලා හවස වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩ කරලා මුදල් උපයන්න පුළුවන් එහෙත් විනිසුරුවරුන්ට එහෙම බැහැ.ඒ නිසා ඒ අයට මානසික තෘප්තියෙන්  කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරන්න ඹ්න.මගේ මේ අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරි අතරතුර යුක්තිය පසිදලීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

    අපේ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබදව සළකා බැලුවහොත් විශාල නඩු සංඛ්‍යාවක් ගොඩ ගැහිලා තිබෙනවා.මේ සදහා අවශ්‍ය නිතිඥවරුන් එම දෙපාර්තමේන්තුව තුළ ප්‍රමාණවත්ව නැහැ.දෙසීයක් පමණ නිතිඥවරුන් සංඛ්‍යාවක් තමයි ඉන්නේ .බොහෝ අය ඒ අය කරනු ලබන සේවාව පිලිබදව අගය කරන්නේ නැහැ .නීතිපති එකට ෆයිල් එකක් යැවුවාම ගෙන්න ගන්ඩ බැහැ ප්‍රමාදයි කියලා කියන අය පමණයි ඉන්නේ .අද පොලීසියත් තමන්ට තීන්දු තීරණ ගන්න පුළුවන් ඒවාටත් ඇග බේර ගන්න ඕන නිසා නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා.ළමා අපචාර කාන්තා හිංසන නඩු ලොකු ප්‍රමාණයක් තිබෙනවා .මේවා ක්‍රමානුකූලව විසදිය යුතුයි.එක රැයකින් විසදුම් දෙන්න පුළුවන් දෙයක් නොවෙයි.


    විශේෂයෙන් නඩු ප්‍රමාදය පිලිබදව විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තිනෙවා .ඒ සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් තිබෙනවා.හදිසි මරණ පරීක්ෂකවරුන් වශයෙන් ඔබ කරනු ලබන කටයුත්තේදිත් නඩු ප්‍රමාදය අවම වන ආකාරයට කටයුතු කළ යුතුයි.ඔබගේ සේවය ඉතා වටිනා විශිෂ්ඨ සේවාවක් බව සියලු දෙනා පිළි ගන්නවා.ඔබත් විශිෂ්ඨ වු සේවයක් රාජකාරියේදී ලබා දීමට කැපවී ක්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරිය පැවසුවාය.


    සාම විනිසුරු තනතුර කියන්නේ ගෞරවාන්විත සේවයක් ලබාදිය යුතු හැකි තනතුරක් .එම තනතුර උගත්කම සමාජ තත්වය අනුව ක්‍රමානුකූලව ලබා දිය යුතුයි.ඒ සදහා නව වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.හදිසි මරණ පරීක්ෂකවරුන් වශයෙන් ඔබ කරනු ලබන සේවයට අනුව ගෙවනු ලබන දීමනාව ප්‍රමාණවත් නැහැ.ඒ සදහා සුදුසු වැඩ පිලිවෙළක් සකස් කිරීමට ද කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරිය සදහන් කළාය.


    අපිට ලැබෙන බලය තනතුරු සදාකාලික නැහැ .ඒ නිසා අපි දේශපාලන පක්ෂ පාට භේද අමතක කර ජාතීන්ට අනෙකුත් ආගම්වලට ගරු කරමින් ගෞරවාන්විතව ජීවත්විය යුතු බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.


    මෙම අවස්ථාවට රත්නපුර ප්‍රාදේශීය ලේකම් සී.එම්.කෝට්ටවත්ත මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya