හෙට (9) ඉදිරිපත් කරන 2018 අයවැයට පෙර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙතෙක් පැවැති අයවැය සම්ප්‍රදායට නව පිටුවක් එක් කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක් සඳහා පනවා තිබෙන බදු අද (8) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකළ බව නිවේදනය කළේය.
මේ අනුව හාල් මැස්සන්, අර්තාපල්, ලොකු ලුණු, පරිප්පු, කරවල, පොල් තෙල්, එළවළු තෙල් සහ පාම් තෙල් මිල අඩු කෙරෙනු ඇත.
මුදල් අමාත්‍යාංශයේ දී අද(8) පස්වරුවේ මාධ්‍ය වේදීන් ඇමැතු ඇමැති මංගල සමරවිර මහතා, චිනයේ දාර්ශනිකයකු වන කොන් ෆියුසියස් කුසගින්නේ සිටින අයෙකුට මාළුවකු දෙනවාට වඩා බිලීපිත්තක් දිය යුතු යැයි පවසා ඇති බවත් තමාද එම අදහස අනුව යමින් මෙවර අයවැය මඟින් තරුණ පරපුර දිරිගන්වන යෝජනා ඉදිරිපත් කරන බව කීය.
අද ප්‍රකාශයට පත් කරන ලද ආහාර ද්‍රව්‍ය සඳහා බදු අඩුකිරීම නිසා මසකට රුපියල් මිලියන 1500ක් වැය කිරීමට රජයට සිදුව බව ද ඇමැතිවරයා පැවසීය.
බදු අඩුකරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේය.
අයිතමය පවතින බද්ද අනුව අඩුකළ බද්ද අනුව නව බද්ද අනුව
කි.ග්‍රෑමයට අඩු වූ කි.ග්‍රෑමයට අඩු වූ කි.ග්‍රෑමයට අඩු වූ
මුදල රු. මුදල රු. මුදල රු.
හාල් මැස්සන් 11 10 1
අර්තාපල් 40 39 1
ලොකු ළුණූ 40 39 1
පරිප්පු - සම්පූර්ණ 10 9 1
පරිප්පු පියළිකළ 15 12 3
කරවල 102 50 52
ශුද්ධ නොකළ පාම්
තෙල් / අනෙකුත්
එළවළු තෙල් 110 15 95
පාම් ඔලේන් 115 15 100
පාම් ස්ටියරින් 110 15 95
ශුද්ධ කළ පාම් තෙල් 135 25 110
ශුද්ධ කළ අනෙකුත්
එළවළු තෙල් 130 25 105
ශුද්ධ නොකළ පාම්
කර්නල් තෙල් 130 25 105
ශුද්ධ කළ පාම්
කර්නල් තෙල් 145 35 110
පොල් තෙල් (ශුද්ධ
නොකළ හා
ශුද්ධ කළ) 130 25 105