අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 50 ක්

    නොවැම්බර් 08, 2017

    ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් පිළිබදව පැන නැගී ඇති ගැටළුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙසද එසේ නොකළහොත් කළමනාකරුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

    විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි සංවර්ධන කටයුතු වල ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වු සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය මගින් සිදු කරන සංවර්ධන කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ආර්ථික මධ්‍යස්ථානයන්හි පවතින අඩුපාඩු හා ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී.

     

    දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානයන්හි සංවර්ධන කටයුතු සදහා 2017 වසරට රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

     

    මෙම ප්‍රතිපාදන ආර්ථික මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සදහා යොදවා ඇති අතර මෙමගින් ගොවීන්ට තම නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට වෙළද පොළ සකසා දීම හා පාරිභෝගිකයාට පහසු මිලට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අමාත්‍යංශයේ අරමුණයි.



    මෙහිදී රජයේ තක්සේරුවට අනුව බදුකුලී නොගෙවන ආර්ථික මධ්‍යස්ථානයන්හි වෙළදුන්ගෙන් කුලී අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර මෙසේ බදු කුලී නොගෙවීම බදු ගෙවන වෙළදුන්ට සිදු කරන ආසාධාරණයක් බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    සෑම ආර්ථික මධ්‍යස්ථානයක් සදහාම ගිණුම්කරණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා නිලධාරීන් පුහුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය පැවසීය.

     

    මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්වරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,ආර්ථික මධ්‍යස්ථානයන්හි වෙළද සංගම් නියෝජිතයින් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya