අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන්ට රු.5000 ක දීමනාවක්

    නොවැම්බර් 08, 2017

    වයස අවුරුදු 100 ඉක්මවු අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට එක් අයකුට රුපියල් 5000ක් බැගින් මාසික දීමනාවක් ලබා දීමට යයි.

    මේ සඳහා සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්. බී.දිසානායක මහතා විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

     

    වයස අවුරුදු 100 ඉක්මවූ වයෝවෘද්ධ වැඩිහිටියන් 350ක් පමණ මෙරට ජීවත් වන බවත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මෙ දීමනාව ලබා දෙන බවත් ඒ මහතා පැවැසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද(8) පැවැති මාධ්‍යහමුවේදිය.

     

    මෙවැනි වැඩිහිටි ජනගහනයක් රටක සිටීම එරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිණුම් දණ්ඩක් ලෙස සැලකිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya